• (+94) 045-2287211
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
ST.Agens Balika M.V.

සාන්ත ඇග්නස් බාලිකා මහා විද්‍යාලය

Balangoda Zone

  • Register
  • Login
ST.Agens Balika M.V.

සාන්ත ඇග්නස් බාලිකා මහා විද්‍යාලය

Balangoda Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

 

අද සාන්ත ඇග්නස් බාලිකා මහා විදුහල වශයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ අද්විතීය නමක් දරා සිටින මෙම විද්‍යාලයේ ආරම්භය අධිරාජ්‍යවාදී යුගය කරා ධිවෙන එකකි. එකල තිබූ අධ්‍යාපන ක්‍රමය අනුව ඉංග්‍රීසි භාෂා පාසල් උසස් ලෙසට පිළිගැනුණු සමයක ප්‍රදේශයේ එවැනි පාසලක අවශ්‍යතාව දැඩි ලෙස පෙනී ගියේය.

ඒ සමගම 1930 ජනවාරි 21 වනදා සාන්ත ඇග්නස් කන්‍යාරාමය මුල් වරට මෙහි ආරම්භ කරන ලදී. කන්‍යාරාමය පිහිටුවීමේදී මහත් උද්යෝගයෙන් කටයුතු කලේ එකල මීසම භාරව කටයුතු කරන ලද දැනට ස්වර්ගස්ත වී ඇති ගරු ඒ. ස්ටාච් පියතුමා ය. කන්‍යාරාමයේ ආරම්භයත් මෙම සාන්ත ඇග්නස් බාලිකා මහා විදුහලේ ආරම්භයත් යන දෙකම එකම වකවානුවකදී සිදුවිය. කන්‍යාරාමය ආරම්භ කිරීමේදී පුරෝගාමීව කටයුතු කරන ලද්දේ එවකට


• ගරු ලෙම්සියෝ පියතුමාත්
• ගරු මෝසෙස් පියතුමාත්
• ගරු මාග්‍රට් මේරි මව්තුමියත්
• ගරු මේරි ලූඩ්ස් මව්තුමියත්
• ගරු රෆායල් කන්‍යා සොයුරිය හා
• ගරු සෙරි ෆ්‍රැන්සිස් කන්‍යා සොයුරියත් ය.

කන්‍යාරාමය ආරම්භ කිරීමෙන් පසුව මෙම කන්‍යාසොයුරියන්ගේ මැදිහත් වීම නිසා කන්‍යාරාම භූමියේම 1930 මාර්තු 03 දා බාලිකාවන් සඳහා ඉංග්‍රීසි මාධ්‍ය පාසලක් ආරම්භ කරන ලදි. අද රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධියක් දරණ බලංගොඩ සාන්ත ඇග්නස් බාලිකා මහා විදුහලේ ළදරු අවස්ථාව එයයි.

1930 බිහි වූ මෙම පාසලේ මුල් විදුහල්පතිනිය ලෙසට එවකට කන්‍යාරාමයේ සිටි මේරි ලූඩ්ස් කන්‍යාසොයුරිය පත් වූ අතර ගුරු මණ්ඩලය ලෙසට එවකට කන්‍යාරාමයේ සිට කන්‍යාසොයුරියන් තිදෙනා ක්‍රියා කලහ.

මෙම පාසලේ ආරම්භය සිදු වී ඇත්තේ ශිෂ්‍යාවන් 32 කගෙනි.

1931 වන විට කෙමෙන් ශිෂ්‍ය සංඛාව වැඩි වී ගිය  අතර එවිට නව කන්‍යා සොයුරියන් දෙදෙනකු ගුරු මන්ඩලයට එකතු කරන ලදී. මේ වසරේදී සල් පිලක් හා විවිදධ ප්‍රසංගයක් පවත්වා පාසල් ගොඩනැගිල්ලක් සාදා ගැනීමට ආධාර ලබා ගන්නා ලදී. 1934 ගරු මෙරි ලූඩ්ස් කන්‍යා සොයුරිය මාරු වී යාම නිසා විදුහල්පතිනිය ලෙසට ගරු සිසිලියා කන්‍යා සොයුරිය පත්විය. එවකට ගුරු මණ්ඩලය 11 දෙනෙකුගෙන් සමන්විත  විය. එතුමිය 1939 දක්වා කාලය තුළ නොපසුබට උත්සාහයෙන් පාස් දියුණුව සදහා කටයුතු කරන ලදී.

1935 දී පාසලට නෙවාසිකාගාරයක් සදදහා  ගොඩනැගිල්ලක් සාදන ලදී. ගරු සිසිලියා කන්‍යා සොයුරියග‍ෙ මාරු වීමත් සමගම 1939 දී ගරු මේරි රීටා කන්‍යාසොයුරිය විදුහල්පතිනිය ලෙස වැඩ බාරගන්නා ලදී. මෙතුමිය 1959 දක්වාම වසර 20 ක කාලයක් තුළ  විදුහාලේ මහගු පෙරළියක් කරන ලදී. එවකට සිසුන් සන්ක්‍යා 147 ද ගුරු මණ්ඩලය 13 ක් ද විය. ගොඩනැගිලි අවශ්‍යතාව මතුවීම නිසා 1945 දී පොල් අතු සෙවිලි කළ ගොඩනැගිල්ලක් සාදන ලදී. 1949 සියලු පහසුකම් සහිත ගෘහ විද්‍යා ගාරයක් සාදන ලදී. ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් අධ්‍යාපනය ලබාදුන්  මෙම පාසලෙහි 1945 දී පහල බාලාන්ශය පන්තියට සිංහල හා දෙමළ මාධ්‍යයෙන්ද ඉගැන්වීම අරඹන ලදි.

මෙම විදුහලේ මෙතෙක් පවත්වාගෙන ආ දෙමල අංශය රොමානු කතොලික මිශ පාසලකට ගෙනගිය අතර එහි ශිෂ්‍යාවන් මෙම විදුහලට මාරුකරන ලදී. එහෙත් පාසල් දෙකම ශාන්ත ඇග්නස් බාලිකාවේ විදුහලිපතිනිය යටතේ පාලනය විය.

මේ කාලයෙදිි බාහිර කටයුතු අංශය මගින් රතු කුරුස සංගමයක් ආරම්භ කළ අතර එමගින් ප්‍රදේශයේ සමාජ කටයුතු වලට විශාල සේවයක් විය. 1969 දී පාසලේ සිියවස ප්‍රදර්ශනයක් ද පවත්වන ලදී.1974 දී ගරු ගේට්න් කන්‍යාසොයුරිය විශ්‍රාම ගැනීමත් සමගම ගරු මේරි ජසින්තා කන්‍යා සොයුරිය විදුහල්පතිනිය ලෙස පත්විය. 1976 දී මෙම පාසලට විද්‍යගාර ගොඩනැගිල්ලක් ලැබුණු අතර1977 දී අ.පො.ස(උසස් පෙල) කලා හා ගෘහ විද්‍ය පන්ති ආරම්භ කරන ලදී.

මෙම පාසලේ ඉඩ මදි කම නිසා 1980 දී ප්‍රාතමික අංශය දෙමලට මාරු කරන ලදුව එහි තිබූ දෙමල පාසල අවට වෙනත් පාසලකට ගෙන යන ලදී.මෙම බාලිිකාවේසිට සැතපුම් ¼ ක් පමණ දුරින් පිහිටා ඇත. පළමු වසරෙ සිට පස්වන වසර දක්වා පන්ති එහි පවත්වාගෙන යන අතර 6 වසරෙ සිට 13 වසර දක්වා පන්ති ශාන්ත ඇග්නස් බාලිකා විදුහලේම පවත්වයි. නමුත් එකම විදුහල්පති යටතේ පසලේ දෙකම පාලනය වේ.

ගරු මේරි ඩොලරස් කන්‍යා සොයුරියගෙන් පසු විදුහලපතිනිය ලෙස 1998 වර්ෂ යේදී ගරු මේරි බර්නදෙත් සිල්වා කන්‍යා සොයුරිය වැඩ බාරගන්නා ලදී. එතුමිය ඩොලරස් කන්‍යා සොයුරියගේ වැඩ පිළිවෙල අනුව පාසලේ විනය හා අධ්‍යාපන කෙරෙහි දැඩි කැපවිමකින් යුතුව ක්‍රියා කළ බව එතුමියගේ සේවා කාලය තුළදී පෙනී යයිි.

2003 වසරේ දුරුතු මස පළමුවන දින විදුහලපතිනිය ලෙස වැඩ බාරගත් ගරු මේරි ඉන්ෆන්ටා කන්‍යා සොයුරි විදුහලේ ඉදිරි අභිවෘද්ධිය හා සංවරශිලී දක්ෂ නැණවත් දරු කැළක් සමාජයට තිළිණ කිරීමට ඇප කැප වී ක්‍රියා කිරිමට එළඹ සිටියි. ආගම් ජාති භාෂා විවිධත්වයෙන් තොරව ගුරුවරුනගේ හා දෙමාපියනගේ සහයෝගයෙන් හා සහාභාගිත්වයෙන් කටයුතු කිරිම ට අවකාශය ලබා ඇත.

2020 වසරේ සිට මෙම විදුහල් භූමිය මත කිරුළු දරන්නට වාසනාවන්ත වූ වත්මන් විදුහල්පතිතුමිය වන ගරු පී.ඒ.එම්.ජී.ප්‍රනාන්දු කන්‍යා සොයුරිය වසර 90 ක් පුරා පැවති විදුහලේ හද ගැස්ම හඳුනාගනිමින් එකී ප්‍රගමනය තවදුරටත් නංවන්නට තම මුළු හදවතින්ම කරන්නාවූ කැපවීම කාගේත් සිත් සතන් තුළ ප්‍රිය උපදවන්නට සමත් වී ඇත.

 

 

 

ආරම්භ කළ වර්ෂය

1930 ජනවාරි 21

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

04

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

32

පාසලේ නම

 සාන්ත ඇග්නස් බාලිකා මහා විදුහල 

පාසල පැවැත්වූ ස්ථානය

සාන්ත ඇග්නස් කන්‍යාරාමය 

 

 

 

{QF3=5}

ST.Agens Balika M.V.

සාන්ත ඇග්නස් බාලිකා මහා විද්‍යාලය

Balangoda Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය Thumbagoda, Balangoda.
  • දුරකථන(+94) 045-2287211
  • ෆැක්ස්(+94) 045-22882531

Supported By

© 2026 ST.Agens Balika M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk