විදුහල්පති පණිවිඩය
සාන්ත ඇග්නස් බාලිකා විද්‍යාලය

සැබෑ මනුෂ්‍යත්වයෙන් පිරිපුන් සක්‍රීය වූ අභිමානවත් දරු පිරිසක් දැයට දායාද කිරීම සඳහා ඉදිරියට පිය නගන සාන්ත ඇග්නස් බාලිකා විද්‍යාලය සබරගමු පළාතේ බලංගොඩ පුරවරයේ පිහිටා ඇති වසර 93 ක දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන දීප්තිමත් පාසලකි. කලාප ජාතික මට්ටමේ සංගීත, නැටුම් , ක්‍රීඩා අංශ වලින් බොහෝ ජයග්‍රහණ රාශියකට ද ජාතික මට්ටමේ විභාග වලින් කලාපයේ සුවිශේෂී ස්ථානයක් දරන පාසලක් ලෙසද අප පාසල කීර්තියක් දිනා ගෙන ඇත.
එළඹෙන අභියෝගයන්ට බුද්ධිමත්ව හා ආත්ම ශක්තියෙන් පිරිපුන් විනයගරුක කාන්තාවන් පිරිසක් රටට දැය වෙනුවෙන් දායාද කරන සුවිශේෂී මෙහෙවරක් ඇග්නස් මාතාව විසින් ඉටු කරනු ලබයි.
ඇග්නස් ප්‍රජාව ඇ.තුලු මුලු මහත් විශ්වයටම ඇගේ මෙහෙවර දායාද කිරීමේ උතුම් අරමුණින් අප පාසලේ තොරතුරු තාක්ෂණ අංශය විසින් සැලසුම් කරන පාසල් වෙබ් අඩවිය සඳහා මාගේ සුබාසිංශන පුද කරන අතර ඔබ සැම සාන්ත ඇග්නස් වෙබ් අඩවියට සාදරයෙන් පිලිගනිමු.
G.A.M.G. ප්‍රනාන්දු පැවිදිසොයුරිය.
විදුහල්පති.